කටින්ද පුටින්ද අනතුර

Nov 29, 2015
David-Haines

පසුගිය දා තුර්කි ගුවන් සීමාවට ඇතුලු වන රුසියානු ප්‍රහාරක ගුවන් යානය තුර්කිය විසින් බිම හෙලීම සරල සිදුවීමක් නොවේ. ගුවන් යානය තුර්කි ගුවන් සීමාවට ඇතුලු වී ගත වන්නේ තත්පර 17 ක් පමණ ය. ජාත්‍යන්තර නීතිය යටතේ සාමාන්‍යයෙන් එවැන්නක් රාජතාන්ත්‍රිකව විසදා ගත හැකි ය. අනෙක් අතට ගුවන් සීමා උල්ලංඝනයන් යනු සුලබව සිදුවන්නකි. එම නිසාම රුසියාව මෙය සලකන්නේ සැලසුම් සහගත ප්‍රකෝප කිරීමක් ලෙස ය. මෙය පිටුපසින් පැමිණ පිහියෙන් ඇනී‍මක් යැයි පුටින් ප්‍රකාශ කලේ එහෙයිනි. තුර්කිය තම ක්‍රියාවේ නිවැරදි භාවය වෙනුවෙන් දැඩිව පෙනී සිටියේ ය. ඔබාමාගේ ප්‍රතිචාරය ද තරමක් අවුල් සහගත විය. ඔහු පැවසුවේ තුර්කියට ආත්මාරක්ෂාවේ අයිතියක් ඇති බව යි. ඉන් පසුව බොහෝ රාජ්‍ය නායකයන් රුසියාවෙන් හා තුර්කියෙන් ඉල්ලා සිටියේ සන්සුන් වන ලෙස ය.

මේ වනවිට තුර්කිය සිය ප්‍රහාරක යානයට පහරදීම සම්බන්ධයෙන් රුසියාවෙන් සමාව අයැදිය යුතු යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමී පුටීන් පවසයි. තුර්කිය සමඟ පවත්වනු ලැබු සියලුම ගනුදෙනු අත්හිටුවීමට රුසියානු රජය පියවර ගෙන ඇති අතර ලබන මස පළමු වැනිදා සිට තුර්කි ජාතිකයින්ට වීසා නොමැතිව රුසියාව තුළට ඇතුළුවීම තහනම් කිරීමටත් තුර්කිය වෙත සංචාරය කිරීම රුසියානුවන්ට තහනම් කිරීමටත් රුසියාව තීරණය කොට ඇත. පසුගිය 27 වනදා තුර්කි ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයෙන් අනතුරුව නැවතත් රුසියානු තුර්කි අර්බුදය උත්සන්න වී ඇති අතර සිරියාව වෙත සිය හමුදාමය මෙන්ම ප්‍රහාරක හැකියාව ශක්තිමත් කිරීමට රුසියාව පියවර ගෙන තිබේ. ගුවන් යානා නාශක අවි මෙන්ම දිගු දුර මිසයිල වලින් සන්නද්ධ රුසියානු මොස්කාව යුද නෞකාව සිරියානු වෙරළ ආසන්නයේ ස්ථාන ගත කර ඇති බවද වාර්තා වේ.

ස්ලැවෝ ජිජැක් නැමැති දාර්ශනිකයා මෙම වර්තමාන තත්වය පැහැදිලි කරන උදාහරණය වන්නේ පලමු ලෝක යුද්ධය ඇති වීමට ආසන්න ලෝකයේ තත්වයයි. නැපෝලියන්ගේ බලය බිඳ වැටීමෙන් පසු වර්ධනය වන නව ගෝලීය බල කේන්ද්‍රයන් සමබර ලෙස පද්ධතිය තුළට ග්‍රහණය කර ගැනීමට එම මොහොත අසමත් විය. අද දවසේ යම් ආකාරයකට ඇමරිකාවේ ආධිපත්‍යය බිද වැටීමට සාපේක්ෂව චීනය හා රුසියාව ඇතුලු නව බලයන්ගේ නැගීම ගෝලීය දේශපාලන පද්ධතිය විසින් නිසි ලෙස අවශෝෂණය කරගෙන නැත. වර්ථමානයේ සිදුවෙමින් පවතින්නේ ඇමරිකාව සිටි තැනට චීනය පැමිණ ඇමරිකාව අහෝසිවීම නොවේ. ගෝලීය සන්දර්භය තුල බල කේන්ද්‍රයන් බහුල වීම ය. මෙම බල කේන්ද්‍රයන් අතර ස්වභාවික සම්පත් වෙනුවෙන් ක්‍රියාත්මක නව ආර්ථික යටත්විජිතවාදය වෙනුවෙන් තරඟයක් ඇත. එය සිදුවන්නේ අතීත ඍජු අධිරාජ්‍යවාදය තුළ වු තරඟකාරීත්වයට වඩා වෙනස් හා පිටට නොපෙනෙන අයුරකින් වීම වැදගත් කරුණකි.

මූලාශ්‍ර කෞශල්‍ය කුමාරසිංහ මහතාගේ මුහුණු පොත / ලංකා ටුරූත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com