බේකරිය ජාතිවාදයට විරුද්ධයි. -විරාජ් ලියනාරච්චි

Mar 10, 2016
viraj1

තුන්වන වරටත් බේකරිය කට්ටිය සාමුහිකය විසින් සංවිධානය කරන විකල්ප කලා උළෙල සහ සංස්කෘතික කතිකාවත අප්‍රේල් මස පළමු වනදා සිට දින තුනක් කොට්ටාව බේකරිය පරිශ්‍රයේදී පැවැත්වේ. විකල්ප කලාවට සහ විකල්ප දිවියට අදාළ දේශපාලන විග්‍ර‍යක් සමගින් එම වැඩසටනෙහි නිර්මාතෘ විරාජ් ලියනාරච්චි මහතා පළ කරන ලද අදහස් පහත දැක්වේ.

Q බේකරියෙ කට්ටිය කියන්නෙ කවුද?

A මම ඉපදුනු දවසේ සිට බේකරිය තියෙනවා. කාලයක් මම ජනතා විමුක්ති පෙරමුණෙ සාමාජිකයෙක් විදියට ඉන්නකොට අදුරගත්ත පිරිසක් හැමදාම බේකරියට ආවා ගියා. පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමත් සමග තමයි අපි කලා වැඩවලට යොමුවෙන්නෙ. අපි කාලයක් බේකරියෙ වෙසක් කූඩුවක් නිර්මාණය කළා. නමුත් අපට බුදුදහම ලංකාවේ සමාජයට කරන බලපෑම පිළිබදව නිශ්චිත අදහසක් තිබුණා. එමනිසා අවසාන යුධ සමය ආරම්භ වීම සහ ජනප්‍රිය බුද්ධාගම උතුරේ සිදුවුන කුරිරු මිනිස් ඝාතනයන්ට උදව් කිරීම නිසා අපි වෙසක් කූඩුව නවත්වන්න තීරණය කරනවා. ඉන්පසුව තමයි අපි විකල්ප කලා මාධ්‍යයන් වෙත යොමුවෙන්නෙ.

Q බේකරිය කට්ටිය නිශ්චිත දේශපාලන අදහසක් දරනවද?

A දේශපාලන අදහස කියන එක විවිධ දේශපාලන පක්ෂ වලට සම්බන්ධයි. නමුත් අපිට තියෙන්නෙ ලංකාවේ රාජ්‍ය බලය අල්ලාගැනීමේ උවමනාව නෙමෙයි. අපි ලංකාවේ විකල්ප කලාවට සම්බන්ධ විකල්ප මිනිසුන්ගේ එකමුතුවක්. අපි විකල්ප වෙන්නෙ පවුල් ජීවිතය සම්බන්ධයෙන් ලිංගිකත්වය සම්බන්ධයෙන් මත්ද්‍ර‍ව්‍ය සම්බන්ධයෙන් ප්‍ර‍චන්ඩත්වය සම්බන්ධයෙන් අපට තිබෙන අදහසට අනුවයි. මෙම කාරණා රජයකට අදාළ නැහැ. අපිට දේශපාලන පක්ෂයකින් කරන වැඩ කරන්න බැරි වුනාට මිනිසුන්ගේ අදහස් පද්ධතියට යම් බලපෑමක් කරන්න හැකිවෙලා තියෙනවා. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය අසමත් වෙන්නෙ මෙම සංස්කෘතික කලාපය තුළ බවයි මගේ අදහස.

viraj2

Q ඔබ කියන විකල්පය සහ අධිපති ධාරාව අතර වෙනස කුමක්ද?

A අද ජාතිවාදයට විරුද්ධයි කියන ජනතා විමුක්ති පෙරමුණ මිනිසුන් සමුල ඝාතනය කරපු කුරිරු යුද්ධයකට පුර්ණ සහායදෙනවා. අපි ජාතිවාදයට විරුද්ධයි කියුවට වැඩක් නැහැ උතුරේ මිනිස්සු ඉල්ලන දේවල් දෙන්නෙ නැතිනම්. මගේ පුද්ගලික අදහසට අනුව උතුරට බලය බෙදීමේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. ඔවුන්ගෙ සියලු ඉල්ලීම් ලබාදිය යුතුයි. මම විශ්වාස කරනවා විකල්ප කලාකරුවන් ආගමික සංවිධානවලට සිංදු හදන්නෙ නැතිවෙයි කියලා. විකල්පය සහ අධිපති ධාරාව අතර වෙනස කතිකාව විසින් යෝජනා කරයි. අපි ගංජා ගහන කැත මිනිස්සු කියන කතිකාවත් විකල්ප අදහසක්.

Q දේශපාලනයෙන් මිස කලාවෙන් සමාජය වෙනස් කරන්න පුලුවන්ද?

A ක්‍ර‍ම විරෝධී දේශපාලනයෙන් මිස සමාජ ගැටලුවලට විසදුමක් නැත යන්නට මම එකගයි. නමුත් සමහර ආත්මීය ගැටලු තියාගෙන අපිට දේශපාලනය කරන්න බැහැ. කලාව තුළ එම ගැටලුවලට උත්තර තිබෙනවා. අපි සාමුහිකව කලාව හරහා උත්සාහ කරන්නෙ එම කතිකාව වර්ධනය කිරීමටයි. මෙවර විවිධ කලාවන්ගේ සංයෝගය අපිට අලුත් අත්දැකීමක් වෙයි. මට අනුව දවස් තුනක් කලාකරුවන්ට එකිනෙකා ඇසුරු කිරීමට ලැබීම ඉතාමත් වටිනා අවස්ථාවක්.

viraj3

Q මිනිස්සුන්ගේ දුක පිළිබද සංවේදී ඔබ වාමාංශිකයෙක්ද?

A ඔව්. මම විශ්වාස කරනවා වාමාංශිකයන් විසින් යෝජනා කරන අදහස් මිනිසාගේ අනාගතයට හානිකර නැහැ. සරලව කියුවොත් ලෝකයේ එක් රටක දහස් ගණනක් කන්න නැතුව මිය යනවිට තවත් රටක ආහාර විනාශ කිරීමට එරෙහිවීම යන්න යහපත් සිතුවිල්ලක්. එහි වාමාංශික මැදිහත්වීම සරල නැහැ. එමනිසා අපි සියලුදෙනාම වඩා යහපත් ලෝකයක් පිළිබද වාමාංශික බලාපොරොත්තු සහිතයි.

2 thoughts on “බේකරිය ජාතිවාදයට විරුද්ධයි. -විරාජ් ලියනාරච්චි

  1. Ajith Manjula says:

    Raja, This is really good.

  2. Janith says:

    ඉතින් ඔය මගුල අපිට කියවන්නේ නැතුව ගිහින් දෙමලුන්ටයි මුස්ලිමුන්ටයි කියනවා. ජාතිවාදේ කියන්නේ සිංහල මිනිසුන් අපේ අයිතිය ගැන කතා කරන එකටද? අනිත් උන් ඔක්කොටම ඕන දෙයක් කියවන්න පුලුවන්. කාලකන්නි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com