මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක භටයින් කෝටිපතියන් වු හැටි

Mar 1, 2016
Thusitha-Press

වැලිකඩ බන්ධනාගාරය තුළ රැදවියන් විසිහත් දෙනෙකු ඝාතනය කිරීම පිළිබද පරීක්ෂණ කඩිනම් කරන ලෙස බල කරමින් සහ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවු බව කියන මහා පරිමාණ දූෂණ අක්‍ර‍මිකතා වලට වහාම නිසි පියවර අනුගමනය කරන ලෙස බලකරමින් දූෂණ විරෝධී පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අද දහවල් කොළඹ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්විය. ඊට එම පෙරමුණෙහි අනුශාසක පුජ්‍ය උලපනේ සුමංගල හිමි, කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන්, නීතිඥ නාමල් රාජපක්ෂ, මාධ්‍යවේදී කසුන් පුස්සවෙල සහ තුසිත බාලසූරිය යන පිරිස සහභාගී විය. ඔවුන් එහිදී චෝදනා කර සිටියේ වත්මන් යහපාලන රජය සිය දේශපාලන අරමුණු වෙනුවෙන් වරදකරුවන්ට දඩුවම් ලබාදීම පැහැර හැර ඇති බවයි.

හිටපු ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරීන් විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ නිළ බලය අයතා ලෙස උපයෝගී කොටගෙන රාජ්‍ය මුදල් සහ දේපළ අවභාවිතා කිරීම සහ වත්කම් ඉපැයු ආකාරය පිළිබද හෙළිදරව් කරගැනීම සදහා වත්කම් පරීක්ෂණයක් සිදු කරන ලෙස දූෂණ විරෝධී පෙරමුණ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලට අදාළ තොරතුරු පහත දැක්වේ. මෙහි චූදිතයන් ලෙස නම් කොට ඇත්තේ මේජර් නෙවිල් වන්නිආරච්චි, බ්‍රිගේඩියර් දමිත රණසිංහ, මේජර් ජනක ජයරත්න, කර්නල් ශානක රත්නායක, බ්‍රිගේඩියර් රවිප්‍රිය, කැප්ටන් තිස්ස විමලසේන, කැප්ටන් මුර්ති කොඩිතුවක්කු, මේජර් භාරත කොඩිතුවක්කු, ඩී.අයි.ජී. ධම්මික කුඩුවේවත්න සහ ඒ.එස්.පී. තිලකරත්න යන අයවලුන් ය.

ආධුනික සෙබළෙකු ලෙස යුධ හමුදාවට එක් වු මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා සුදුසුකම් සළකා නොබලා මේජර් පදවිය දක්වා උසස්වීම් ලබන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රියදුරා ලෙස සේවය කිරීම නිසා වන අතර එවකට ජනාධිපතිවරයා සතුව පැවති විධායක බලතල භාවිතා කරමින් හම්බන්තොට රජයේ ඉඩම් වල වැලි මත්තල ගුවන්තොටුපලට සහ හම්බන්තොට වරායට ලබාදීමෙන් රුපියල් කෝටි 15ක මුදලක් අයතා ලෙස උපයාගෙන ඇත. ඊට අමතරව ඔහු හමුදා සේවයේ නිරතව සිටියදී බස් රථ සමාගමක හිමිකරුවෙකු ලෙස කටයුතු කරන අතර එම සමාගමට අයත් සාමාන්‍ය බස් රථ 38ක් අධිසුඛෝපභෝගී බස්රථ 11ක් සහ ඉන්ධන පිරවුම්හල් 4ක් උපයාගන්නා ලද ආකාරය පිළිබද විධිමත් වත්කම් පරීක්ෂණයක් සිදු කරන ලෙස දූෂණ විරෝධී පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙන් ඉල්ලීමක් කොට ඇත.

සාමාන්‍ය සෙබළෙකු ලෙස සේවයට පැමිණි මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා අක්කර 300ක සහ නිවාස 10ක හිමිකරුවෙකු වන්නේ කෙසේද යන වග සොයා බැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමකි. දැනටත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු මොවුන් රාජ්‍ය සේවකයන් ලෙසද කටයුතු කරමින් ව්‍යාපාර කටයුතු වල නිරතවීම සහ වත්කම් උපයා ගැනීම නීති විරෝධී මෙන්ම හමුදා විනය කඩකිරීමක් බවද අවධාරණය කළ යුතුය. මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ හමුදාවේ උසස් නිළධාරීන් නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් කිසිදු විනය පරීක්ෂණයක් මෙතෙක් සිදුකර නොමැති බවද අපට කරුණු අනාවරණය වී ඇත. මෙවැනි විනය විරෝධී ක්‍රියාවන්ට අමතරව ඔහු විසින් උසස් හමුදා නිළධාරීන් සහ පොලිස් නිළධාරීන් ගණිකා නිවාස වලින් කප්පම් එකතු කිරීම වැනි අයතා මුදල් උපයා ගැනීම් වලට යොදාගෙන ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කරමින් බවද කරුණු හෙළිදරව් වී ඇත.

දූෂණ විරෝධී පෙරමුණ විසින් සිදුකරන ලද ඉහත හෙළිදරව් කිරීම් වලට අදාළ පරීක්ෂණ කටයුතු මෙතෙක් ආරම්භ නොවීමෙන් පෙනී යන්නේ වත්මන් යහපාලන ජාතික ආණ්ඩුව මෙවැනි මහාපරිමාන දූෂණ වංචා අනුමත කරන බවද යන්න සැකයකි. දේශපාලනික වශයෙන් එක් පුද්ගලයෙකුට අතිවිශාල දේපළ ප්‍රමාණයක් අයිති කර ගැනීමෙන් රටේ මහජනතාවට සිදුවන අසාධාරණය වැළැක්වීමට මෙවැනි පුද්ගලයන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වියයුතු බව අපගේ අදහසයි. රාජ්‍ය මුදල් සහ දේපළ අවභාවිතා කරමින් කෝටිපතියන් බවට පත්වු මෙම දූෂිත හමුදා නිළධාරීන් එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම යුධ හමුදාව විසින් පැහැර හැරීම සමස්ථ යුධ හමුදාවම අපකීර්තියට පත්කරන්නක් බවද දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කර සිටී. රටේ මහජනතාවගේ දේපළ කොල්ලකමින් ගෙනගිය දූෂිත පාලනය එරෙහිවීම දේශපාලන පළිගැනීම් ලෙස අර්ථ දක්වා වසන් කිරීමට රාජපක්ෂවරු දරන උත්සාහයද මෙහිදී පිළිකුලෙන් හෙළා දැකිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com