ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ලියාපදිංචියට

Mar 1, 2017
SDP-27.02.2017

දශකයකට අධික කාලයක් නිදහස, යුක්තිය හා සහෝදරත්වය උදෙසා සමාජ ප‍්‍රජාතාන්ත‍්‍රික අරගලයක නිරත සමාජ ප‍්‍රජාතන්ත‍්‍රන්ත‍්‍රවාදීන්ගේ එකමුතුව, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සේවක සංගමය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ පෙරමුණ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්‍ය සංගමය, කොළඹ දේශපාලන පීඨය සහ දූෂණ විරෝධී පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන රැසක එකමුතුවෙන් ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීමට අයදුම් කර ඇත. ඊට අනුව ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය රෝස මල ළකුණ යටතේ ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීමට නියමිත ය.

සංවර්ධනය යනු නිදහස, සාමානාත්මතාවය හා සාධාරණත්වය අවධාරණය කරමින් තිරසාර අර්ථික වර්ධනයක් උදාකර ගැනීම බවත් තිරසාරභාවය යන්නෙන් පරිසර සංරක්ෂණය හා සම්පත් බෙදීයාම යුක්තිසහගත කිරීම අදහස් කෙරෙන බවත් එහි සුරාකෑමට ඉඩක් නොමැති බවත් ශ්‍රී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි දක්වා ඇත. අධ්‍යාපනය හා පුහුණුව, රැකියා අවස්ථා හා ආදායම, බලය හා සුරක්ෂිතතාවය, අයිතිවාසිකම් හා යුතුකම් ආදී කරුණු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂා කරන අතර වෙළදපොල යාන්ත‍්‍රණය කෙරෙහි සෘජු රාජ්‍ය මැදිහත්වීම අපේක්ෂා කරන බව එහි වැඩිදුරටත් සදහන් වේ.

වර්තමානයේ පවතින දේශපාලන අභියෝග නම් මානවයා මුහුණදෙන ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික අර්බුදයන්ට අනුභූතික විසදුම් සොයා ගැනීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පවතින ගැටලු වලට සහ ආර්ථික අර්බුදයන්ට විසදුම වන්නේ නිදහස, සාධාරණත්වය හා සහෝදරත්වය සාරය කොටගත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දැක්ම බව අවධාරණය කරන ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් පිළිගන්නා පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් ගොඩ නගන ලද්දක් වන හෙයින් සැමට සමාන නිදහසක් සහතික කෙරෙන සුබසාධක රාජ්‍යයක් ගොඩනැගීම ශ‍්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ අභිලාෂය බව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි පැහැදිලිව සදහන් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාව නව පක්ෂ ලියාපදිංචි කිරීමට මාසයක කාලයක් ලබාදෙන ලද අතර සිංහලේ ව්‍යාපාරය ඇතුළු සංවිධාන රැසක් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි වීමට අයදුම් කර ඇත. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය ඇතුළු සියලු වර්ගවාදයන්ට එරෙහි නූතන වාමාංශික ව්‍යාපාරයක් බවට පත්වීම ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ පරමාර්ථය වන අතර එම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට එක්වන ලෙස සියලු ප‍්‍රගතිශීලි බලවේගවලට ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ආරාධනා කර සිටී. ශ්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ලියාපදිංචි කිරීමේ අවස්ථාවට සභාපති අනුර ශ්‍රී වර්ණසිංහ, ප‍්‍රධාන ලේකම් තුසිත බාලසූරිය සහ උප ලේකම් දශික මුදලිගේ යන සහෝදරවරු සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com