සමලිංගිකත්ව අයිතිය පිළිගනිමු.

Jan 28, 2017
LGBT1

දැන් අලුත්ම විරෝධය පැන නැග ඇත්තේ සමලිංගිකත්වය පිළිබඳව ය. ජීඑස්පී ප්ලස් ලබා ගැනීමේ කොන්දේසියක් හැටියට ලංකාවේ සමලිංගිකත්වය නීතියෙන් පිළිගන්නට යනවාය යනුවෙන් හිස් ඝෝෂාවක් නැගෙමින් තිබේ. පළමුවෙන් කිව යුත්තේ සමලිංගිකත්වය යනු වරදක්ල අපරාධයක් නොවන බව ය. එය මිනිසාගේ ලිංගික නැමියාව පිළිබඳ එක් ඉසව්වකි. සාම්ප්‍රදායික පිරිමි ගැහැනු සම්බන්ධයට එහා ගිය පිරිමි-පිරිමි හෝ ගැහැනු-ගැහැනු හෝ සම්බන්ධතාවන් කිසි දිනෙක ලෝකයට අලුත් දෙයක් වුණේ නැත. මිනිස් සංහතියේ ලිංගික ක්‍රියාකාරකම් ඇරඹුණේ කවරදාක සිට දල එදා සිටම සමලිංගික සම්බන්ධතාවන් ඇති වී පැවතෙන්නට ඇත. සමලිංගිකත්වය වනාහි විකෘති ලිංගික හැසිරීමක් නොවේ. එය මුළුමනින්ම ස්වාභාවික ය. ජීව විද්‍යානුකූල ය.

සමලිංගිකත්වයට එරෙහි මතවාදය මුලික වශයෙන් ක්‍රිස්තියානි ආගමික ඉගැන්වීම් මත පදනම් වී තිබේ. දෙවියන් වහන්සේ විසින් මවන ලද්දේ ආදම් සහ ඒව නමැති විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු නිසාත් එකකු මැරෙන තුරා ඔවුන් එකට ජීවත්වීම දෙවියන් වහන්සේගේ නියමය වුණු බැවිනුත්ල ගැහැනු-පිරිමි සම්බන්ධතාවකට වඩා වෙනස් සම්බන්ධතාවකට ක්‍රිස්තියානි ආගම අනුබල දෙන්නේ නැත. එපමණක් නොවේ. දික්කසාදය වැනිි ආදම් හා ඒව එකිනෙකාගෙන් වෙන් කරන පාපයකටද ක්‍රිස්තියානි ආගම අනුබල දෙන්නේ නැත. ඉංග්‍රීසි නීතිය පදනම් කොට ගෙන ඇති ලංකාවේ විවාහ නීතියේ පවා දික්කසාදය අමාරුවෙන් ලබාගත හැකි දෙයක් බවට පත් කර ඇත්තේ ඉහත දේව නියමය නිසා යග ගබ්සාව සම්බන්ධයෙන් දල සමලිංගිකත්වය සම්බන්ධයෙන් ද ලංකාවේ නීතියේ තත්ත්වය එසේ ම ය.

එහෙත් ලෝකයේ හැමදාමත් සමලිංගික සම්බන්ධකම් තිබුණි. තිබේ. තිබෙනු ඇත. කවර නීතියකින් එය තහනම් කොට තිබුණ ද මිනිසුන් අතර ඇතිවන ඒ සම්බන්ධකම් නවත්වන්නට ඒ කිසිම නීතියකට හැකි වී නැති බව පිළිගත් සත්‍යයයි. එහෙත් අනෙක් පැත්තටල සමලිංගිකත්වයට එරෙහි නීති තිබීම නිසා එවැනි සම්බන්ධකම් දරන්නන් හැම තිස්සේම සිටින්නේ අවදානමක ය. ලිංගික නැමියාව මත ඔවුන් ඕනෑම මොහොතක වරදකරුවන් කළ හැකිය. ලෝකයේ සමලිංගිකත්වයට එරෙහි නීතිය වෙනස් කිරීම ඇරඹුණේ 1950 දශකයේ අග භාගයේ පමණ සිට ය. ඒ සඳහා පුරෝගාමී වු එක් රටකි එංගලන්තය. විහිළුව නම් එංගලන්තයෙන් ලද නීති ක්‍රමය මත සමලිංගිකත්වය වරදක් හැටියට ලංකාව තවමත් සැලකීම ය.

එමනිසා එක පැත්තකින් සමලිංගිකත්වයට එරෙහි ව කතා කරන්නවුන් මතක තබා ගත යුත්තේ තමන් සටන් කරන්නේ සුද්දන් තමන්ට දුන් නීතියක් රැක ගැනීමට බව ය. සමලිංගිකත්වය පිළිගැනීමත් සමලිංගික විවාහ පිළිගැනීමත් එකක් නොව දෙකකි. සමලිංගික අයිතිය පිළිගන්නා බොහොමයක් රටවල් සමලිංගික විවාහ පිළිගන්නේ නැත. එය වෙනම කතාවකි. එහෙත් සමලිංගික සම්බන්ධකම් පිළිගන්නට තරම් අප දියුණු විය යුතුය. එය අත්‍යන්තයෙන්ම මිනිස් හැසිරීම් විලාසයක් පමණක් වන බැවිනි. සමලිංගික හැසිරිම් පිළිගැනීම වු කලී වෙනස් වුවමනාවන් ඇති අප වැනිම මිනිසුන්ගේ අයිතිවාසිකමක් පිළිගැනීමකි. සමලිංගිකයකු හා සම්බන්ධකමක් පැවැත්වීමට කිසිවකුට ඇති අයිතිය විරුද්ධ ලිංගිකයකු හා සම්බන්ධකමක් පැවැත්වීමට ඇති අයිතියට කිසිසේත් දෙවැනි වන්නේ නැත. අගයෙන් අඩු වන්නේ නැත.

එනිසා සමලිංගික සමබන්ධතාවන්ට එරෙහිව ලංකාවේ තිබෙන නීති ජීඑස්පී ලැබුණත් නැතත් වෙනස් කළ යුතුය. නීති වෙනස් කළ යුතුය කියන්නේ අලුතෙන් නීති ගෙනැවිත් සමලිංගික විවාහයන් පිළිගත යුතුය යන්න නොවේ. සමලිංගික සම්බන්ධකම් නීතිමය වශයෙන් වරදක් බවට පත් කෙරෙන දැනට පවතින නීති වෙනස් කළ යුතු බවය. දණ්ඩ නීති සංග්‍රහයේ මෙන්ම අදාළ ආඥා පනතේද ඊට අදාළ නීති තිබේ. ඒවා වෙනස් කිරීමෙන් කිසිවකුට වරදක් වන්නේ නැත. සදාචාරයට හානි වන්නේ නැත. රටේ අපරාධ වැඩි වන්නේ නැත. සිදුවන්නේ අප වැනි ම මිනිසුන් පිරිසකගේ අයිතිවාසිකමකට ගරු කිරීම ය. ලෝකයේ සිටින්නේ එකිනෙකාට වෙනස් වර්ග ජාති මෙන්ම ජීවන නැමියාවන්ද ඇති මිනිසුන් බව සිතන විට අප ඉන්නේ දියුණු මිනිසත්කමක ය. ඒ බව පිළිගන්නට බැරි නම්ල අප සිටින්නේ වනචාරි යුගයක ය.

මුලාශ්‍ර‍ය රාවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About The Author

Related posts

JOIN WITH US

SOORIYA, RANAWAKA GARDEN, PANNIPITIYA

+94 0113 173 486

lakjanahanda@gmail.com